28.9 C
Galle

ගාල්ලේ දී සුනාමිය සැමරෙයි

Published:

මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම ස්වභාවික ආපදාව වූ සුනාමිය සිදුවී අද (26) දිනට වසර 16ක් සම්පූර්ණ විය. ශ්‍රී ලංකිකයන් 32,000කට වැඩි පිරිසකට මරු කැඳවමින් සිදුවූ සුනාමිය සිහිපත් කරමින් ගාල්ලේ, අක්මීමණ කුරුඳුවත්ත සමූහ මිනී වළ අසළ ස්ථාපිත කර ඇති සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්විණි.

කුරුඳුවත්ත සමූහ මිනී වළේ සුනාමියෙන් මියගිය 1500කට වැඩි පිරිසකගේ මළ සිරුරු තැන්පත් කර තිබේ. ඔවුන්ගේ ඥාතීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. එම අවස්ථාව සඳහා වැවිළි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රුහුණ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නීතිඥ යූ,සී.පී.පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Related articles

spot_img
error: Content is protected !!