25 C
Galle

කොටස් වෙළෙඳ පොළ සීඝ්‍ර වර්ධනයක්

Published:

කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 52,932ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,518ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 164කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,502ක්  ලෙසිනි. මෙම අගය මෙතෙක් ඉතිහාසයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූ වැඩිම අගය වීම විශේෂත්වයකි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලාෆ් ගෑස් සමාගම රුපියල් මිලියන 388
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 339
  • රේණුක ඇග්‍රි සමාගම රුපියල් මිලියන 303

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලිය 45
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 19
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 16

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) 33 %
  • රේණුක ෆුඩ්ස් සමාගම 30%
  • බෝගල ග්‍රැෆයිට් සමාගම 25%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 394
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 350
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 317

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 97ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 532ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 434ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේලීස් එම්ජීටී සමාගම රුපියල් මිලියන 22
  • සීඅයිසී සමාගම (X) රුපියල් මිලියන 13
  • කොටගල වැවිලි සමාගම  රුපියල් මිලියන 11

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 324
  • පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 39
  • සෙලාන් බැංකුව රුපියල් මිලියන 34

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!