25 C
Galle

ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි

Published:

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 46,528ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,235ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 77කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,659ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 471
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 444
  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන‍ෙ 433

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 19
  • රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 12
  • එච් සෙනිබ් සමාගම කොටස් මිලියන 12

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං   සමාගම (X)  33 %
  • සතොස මෝටර්ස් සමාගම 25%
  • එච්ඩීඑෆ්සී බැංකුව 24%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 404
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 352
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 318

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 219ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 277ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 57ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 41
  • පික් මී සමාගම රුපියල් මිලියන 25
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම  රුපියල් මිලියන 23

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 50
  • පෑන් ඒෂියා සමාගම රුපියල් මිලියන 34
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 31

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!