27.9 C
Galle

මාතර 05 වැනි කොරෝනා මරණය කරාපිටියේ දී සිදුවෙයි

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා සැකකටයුතු රෝගීන් ඇතුළත් කරන 36 වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටි කොරෝනා ආසාදිත බව තහවුරු කරගත් පුද්ගලයකු අද (29) උදෑසන මියගිය බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිගම දෙනිපිටියේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොරෝනා ආසාදනයට අමතරව මරණයට බලපෑ වෙනත් හේතූන් පශ්චාත් මරණ පරීක්ෂණයකින් පසු තීරණය කරන බව රෝහලේ වෛද්‍යවරු කියති. එම මරණයත් සමඟ මාතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් 05 දෙනකු මියගොස් ඇත. එසේ වුව ද රජය නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ අකුරැස්සේ පදිංචව සිට හෝමාගම රෝහලේ දී මියගිය කාන්තාවගේ මරණය පමණි.

Related articles

spot_img
error: Content is protected !!