28.6 C
Galle

විද්‍යාලෝකයේ රැස්වීමේ සිටි කිසිවෙකුට කොරෝනා නෑ

Published:

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ විදුහල්පතිවරයාට හෝ ආදි ශිෂ්‍ය සංගමයේ කමිටු සාමාජිකයන් කිසිවෙකුට හෝ කොරෝනා ආසාදනය වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය දිනක විද්‍යාලයේ පැවැති ආදි ශිෂ්‍ය සංගමයේ කමිටු රැස්වීමකට පැමිණි පිරිස අතරින් දෙදෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් විදුහල්පතිවරයා ඇතුළු එම රැස්වීමට පැමිණි පිරිසක් නිවෙස්වල ම ස්වයං නිරෝධායනයට යොමුකර තිබිණි. එම කණ්ඩායම සිය නිරෝධායනය අවසන් කිරීම සඳහා නියමිත පීසීආර් පරීක්ෂණවලට මුහුණ දී ඇති අතර ඔවුන් කිසිවකු ආසාදිතයන් නොවන බව සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!