28.6 C
Galle

ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයකුට කොරෝනා. ගුරු සිසු පිරිසක් නිරෝධායනයේ

Published:

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ගුරුවරු 38 දෙනකු හා සිසුන් 33 දෙනකු නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.

මීට පෙර ආසාදිත බවට හදුනාගත් පුද්ගලයකුට එම ගුරුවරයා ආශ්‍රිත වී තිබීම හේතුවෙන් ඔහු ජයවර්ධනපුර රෝහලේ දී සිදුකරගන්නා ලද පීසීආර් පරීක්ෂණයකින් කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබිණි.

ගුරුවරයා පාසල තුළ රැඳී සිටි ස්ථාන විෂබීජහරණය කිරීම අද (29) දිනයේ සිදුකළ අතර ආශ්‍රිත නොවූ සිසුන් ද පාසලෙන් රැගෙන යන ලෙස පාසලේ බලධාරීන් විසින් දෙමාපියන්ට දැනුම් දී තිබණි.

Related articles

spot_img
error: Content is protected !!