30.5 C
Galle

අඳුරු ගුහාවක නොදුටු ලෝකය

Published:

වියට්නාමයේ ෆොන්ග් නා කේ බැන්ග් ජාතික වනෝද්‍යානයේ පිහිටි හැන්ග් තියන්ෂාන් ගුහාවට ගිය ඡායාරූප ශිල්පී රයන් ඩෙබූඩ් ගේ ඡායාරූප නොදුටු ලෝකයකට මිනිසුන් කැදවීමට සමත්ව ඇත.

රයන් වීර චාරිකාවල යෙදෙමින් සිත්ගන්නා සුළු ඡායාරූප ගැනීමට සමත්කම් දක්වන්නෙකි. අහිමිවූ ලෝකයක් ගැන සොයමින් වෙහෙසෙන මිනිසුන්ට ඒ අපූර්ව ලෝකය ඇස් පනාපිට දිගහැරීමට මේ ඡායාරූප ශිල්පියා සමත්ව සිටියි. රයන් පවසන්නේ මේ ලෙන්වල ඡායාරූප ගැනිම පුදුමාකාර හැගීම් දනවන්නක් වූ බවයි.

එය අන්ධකාරයේ ගත් ඡායාරූප බවත්. අදුරට අති සංවේදී වූ කැමරා භාවිතා කරමින් ගුහාවේ ඡායාරූප ගත් පසු එහි චමත්කාරයෙන් තමන් පවා පුදුමයට පත්වූ බවත් ඔහු කියයි.

‘‘ මම මේ ඡායාරූප ගත්තේ මා ඉදිරියේ ඇත්තේ කුමන ආකාරයේ කුමන වර්ණයක දෙයක් දැයි නොදැන. මා වටා ඇති ඉඩකඩෙහි කෑලි කැපිය හැකි අන්ධකාරයේදී මට හැගී ගියේ මා ඉන්නේ නොදන්නා අන්ධකාර ග්‍රහයකු මත බවයි. මෙයින් මට හැකිවුණා. මෙතෙක් නොදුටු ලෝකයක් අපේ මිනිසුන් ඉදිරියේ දිග හැරීමට“

Related articles

Recent articles

error: Content is protected !!