28.1 C
Galle

විද්‍යාලෝක කමිටුවෙන් එක් ආසාදිතයෙක් හමුවෙලා

Published:

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කමිටු රැස්වීමට සහභාගීවී නිරෝධායනය වී සිටි එක් පුද්ගලයකු කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස ආසාදිත බව තහවුරු කරගෙන ඇත්තේ ගිංතොට පදිංචි ව්‍යාපාරිකයෙකි. සෞඛ්‍ය අංශ මීට පෙර කියා සිටියේ විද්‍යාලෝක විද්‍යාලයේ නිරෝධායනය වූ කිසිවෙකු ආසාදිත නොවන බවයි. මෙම පුද්ගලයාගේ පීසීආර් වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද වී තිබිනි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔහු පදිංචි ප්‍රදේශයෙන් ‍කොරෝනා ආසාදිතයන් විශාල පිරිසක් හමුවී තිබෙන බවයි. ඔහුට කොරෝනා ආසාදනය වූයේ පසුගිය ජනවාරි 16 වැනි දා සවස විද්‍යාලෝක විද්‍යාලයේ පැවැති ආදි ශිෂ්‍ය කමිටු රැස්වීමේ දී බව ස්ථිරව ම කිව නොහැකි බවත් සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!