31.1 C
Galle

රෝහලක් තාවකාලිකව වසා දමයි

Published:

කොරෝනා රෝගියකු නේවාසිකව ප්‍රතිකාර ලබා තිබීම හේතුවෙන් බගවන්තලාව ප්‍රාදේශීය රෝහල තවාකාලිකව වසා දැමීමට සිදුවූ බව ප්‍රාදෙශීය රෝහලේ වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ.ජයසූරිය පවසයි.

මෙම රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරු දෙදෙනකු, හෙදියන් තිදෙනකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනකු ද ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

පසුගිය 31 වැනි දින දියවැඩියා රෝගයට ප්‍රතිකාර ලබාගැනීම ට ආ රෝගියකුගේ රෝග තත්ත්වය වඩාත් උත්සන්න වීම හේතුවෙන් දික්ඔය මූලික රෝහලේ දී කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්සයකට අනුව ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු කරගනෙ තිබේ.

මෙම  රෝගියාගේ පුත්‍රයාට සහ ලේලියට ද මීට පෙර කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි. රෝහලේ විෂබීජහරණ කටයුතු අවසන්වීමෙන් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලදාරීවරයා සමඟ සාකච්ඡා කර රෝහල විවෘත කරන බව රෝහලේ වෛද්‍ය ජයසූරිය පවසයි.

Related articles

spot_img
error: Content is protected !!