31.6 C
Galle

වැදි ගම්මාන වසංගතයෙන් බේරා දෙන්නයැයි ආදිවාසී නායකයා ඉල්ලයි

Published:

මහියංගණයේ කොරෝනා වසංගතය පැතිරයාමේ අවදානමක් හටගෙන ඇති බැවින් තම ප්‍රජාව ආරක්ෂා කිරීම සඳහා විශේෂ අවධානයක් යොමුකරන ලෙස ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

ඊයේ (02) දිනයේ දී පමණක් මහියංගණය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 33 දෙනකු වාර්තා වී තිබේ.

“අද දවස් පොජ්ජ මන්දුවෙනකොට මේ ගම් පොජ්ජවල්වලත් මේ කොරෝනා වසංගතය මංගච්චලා තිබෙනවා. සීයමකට කිට්ටු තැනින් මේ වෙලා පොජ්ජ මන්දුවෙනකොට කොරෝනා මන්දු වෙච්ච කණ්ඩායම් හිඳිනවා. කොළොම්පූර් ගම්පොජ්ජට වැඩිතැනින් මේ තැන විනාශ තැන මන්දුවේගෙන මංගච්චයි තව සති පොජ්ජක් මංගච්චනකොට,” යනුවෙන් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ පවසා සිටිනවා.

ඔහු පවසන්නේ තම ගම්මානවලටත් කොරෝනා පැමිණ ඇති බවයි. ආදිවාසීන් සිටින ගම්වලට ඉතා ආසන්නයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවන බවත් කොළඹ සිට ගම්වලට පැමිණෙන පිරිස් සමඟ මෙය පැමිණ ඇති බවත් තවත් සති කිහිපයකින් එය භයානක තත්ත්වයකට පත්විය හැකි බවත් ඔහු පවසයි.

Related articles

spot_img
error: Content is protected !!