31.6 C
Galle

මාතර අද කොරා්නා මරණ දෙකක්

Published:

මාතර දිස්ත්‍රික්කයේ පදිංචි තවත් කාන්තාවන් දෙදෙනකු කොරෝනා හේතුවෙන් මිය‍ගොස් ඇතැයි අද (03) තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙසෙ මියගොස් ඇත්තේ මාලිම්බඩ පාලටුව පදිංචි කාන්තාවක් සහ දික්වැල්ල රදම්පල පදිංචි කාන්තාවකි.

කොරෝනා ආසාදනය වීමෙන් පසු කොටවිල රෝහලට ඇතුළත් කර සිටි මාලිම්බඩ පාලටුව පදිංචි 79 හැවිරිදි කාන්තාවක් එම රෝහලේ දී මියගියාය.

දික්වැල්ලේ රදම්පල පදිංචි 72 හැවිරිදි කාන්තාවක් අද නිවසේ දී ඇදවැටීම හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගොස් පසුව කොළඹ ජාතික රෝහලට යවා සිටිය දී මියගියාය. ඇය ද කොරෝනා ආසාදිත බව තහවරු වී තිබේ.

මෙම මරණ 02ත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 09ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!