27.4 C
Galle

ගාල්ලේ 37 හැවිරිදි පුද්ගලයකු කොරෝනාවලින් මරුට

Published:

ගාල්ලේ කටුගොඩ පදිංචි 37 හැවිරිදි පුද්ගලයකු කෙ‍රෝනා ආසාදනය වී මියගොස් ඇතැයි  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසයි.

නිවසේ දී හදිසියේ ම රෝගාතුරවීම හේතුවෙන් ඊයේ (03) සවස කරාපිටිය ශික්ෂණ රෝහලට ඔහු රැගෙනවිත් ඇති අතර රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිටි බව වෛද්‍යවරු විසින් තීරණය කර තිබිණි. මළ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීමෙන් පසු අද (04) උදෑසන ලැබුණු එම ප්‍රතිඵලයෙන් සනාථ වී ඇත්තේ මෙම පුද්ගලයා මියයන විට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

Related articles

spot_img
error: Content is protected !!