27.4 C
Galle

යුද හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම්

Published:

යුද හමුදා නිලධාරීන් 337ක් හා සෙසු නිලයන් 8266ක් ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව උසස් කිරීමට තීරණය කර ඇත.

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් මෙම උසස්වීම් ලබාදීමට නියමිතය.

ඒ අනුව බ්‍රිගේඩියර්වරුන් 14 දෙනෙකු මේජර් ජෙනරාල් තනතුරුවලටත්, කර්නල්වරුන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුරුවලටත්, ලුතිනන් කර්නල්වරුන් 35 දෙනෙකු කර්නල් තනතුරුවලටත් උසස් කරනු ඇත.

එමෙන්ම මේජර්වරුන් 34 දෙනෙකු ලුතිනන් කර්නල් තනතුරු වලටත්, කපිතාන්වරුන් 206 දෙනෙකු මේජර් තනතුරුවලටත් උසස් කරන බවද වාර්තා වේ.

Related articles

spot_img
error: Content is protected !!