27.4 C
Galle

ගාල්ලෙන් තවත් කොරෝනා මරණයක්

Published:

නිවසේ දී හදිසියේ ම රෝගාතුරවීම හේතුවෙන් කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර සුළු මොහොතකින් මියගිය පුද්ගලයකු කෙ‍රෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ලේ මිලිද්දුව පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 

නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක මහතා පවසන්නේ ඊයේ (04) උදෑසන කරාපිටිය ශික්ෂණ රෝහලට මෙම පුද්ගලයා ඇතුලත් කර ඇති අතර සුළු මොහොතක් ප්‍රතිකාර කිරීමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේදී ම මියගොස් ඇති බවයි. මළ සිරුරෙන් ලබාගත් ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීමෙන් පසු ඊයේ රාත්‍රී ලැබුණු ප්‍රතිඵලයෙන් සනාථ වී ඇත්තේ මෙම පුද්ගලයා මියයන විට කොරෝනා ආසාදනය වී තිබූ බවයි.

සිරුර සම්බන්ද ආදාහන කටයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව අද (05) සිදු කරන බව හදිසි මරණ පරීක්ෂකවරයා ප්‍රකාශ කළේය.

Related articles

spot_img
error: Content is protected !!