27.4 C
Galle

ඉන්දියාව ඩීඑන්ඒ සාම්පලයක් ඉල්ලයි

Published:

ඉන්දියාවේදී මියගිය බවට වාර්තා වුණු සංවිධානාත්මක අපරාධකරුවකු වන අංගොඩ ලොක්කාගේ මරණය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ ලඟම ඥාතියෙකුගේ ඩීඑන්ඒ සාම්පලයක් ලබා දෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

ඉන්දීය ජාතික විමර්ශන ඒකකය විසින් ලංකාවේ පිහිටි ඉන්ටර්පෝල් ඒකකයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ මේ අනුව අංගොඩ ලොක්කාගේ සමීපතම ඥාතියෙකුගේ රුධිර සාම්පලයකින් ඩීඑන්ඒ ලබාගෙන ඉන්දියාවට යොමු කරන බවයි.

මද්දුම ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා කළුතර එතනමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් අනතුරුව ඉන්දියාවට පලාගොස් සැඟවී සිටියේය. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන ද නිකුත් තර තිබිණි.

ප්‍රදීප් සිං නමින් ව්‍යාජ හැඳුම්පතක් භාවිතා කරමින් සැඟව සිටි අංගොඩ ලොක්කා ඉන්දියාවේ කොයිම්බතූර් හි දී මියගිය බවට පසුගිය අගෝස්තු මාසයේ දී තොරතුරු වාර්තා විය.

Related articles

spot_img
error: Content is protected !!