27.4 C
Galle

සෞඛ්‍ය අංශ එපා කියද්දී මඟුල් කෑ මන්ත්‍රී කොරෝනා පොකුරක් හදයි

Published:

මාතර දිස්ත්‍රික්කයේ කැකණදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් පැවැත්වූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ 18 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිතයන් ලෙස තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

එම විවාහ මංගල උත්සවය වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් නොපවත්වන ලෙසට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු උපදෙස් දී තිබුණ ද මන්ත්‍රීවරයා දහවල් සහ රාත්‍රී වශයෙන් සිය නිවසේ සාද දෙකක් පවත්වා තිබේ. මෙම සාදවලට සහභාගී වූ පිරිස අතරින් රෝග ලක්ෂණ පෙන්වූ කිහිප දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සිදුකළ විට 18 දෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබේ. තවත් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිත අතර 200කට ආසන්න පිරිසක් පරීක්ෂාවට ලක්කිරීමට සිදුවන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

මෙම මඟුල්ගෙදර ආශ්‍රිතව නිර්මාණය වන කොරෝනා පොකුර ප්‍රදේශයේ ජන ජීවිතයට ද විශාල බලපෑමක් එල්ලවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

Related articles

spot_img
error: Content is protected !!