27.4 C
Galle

ගුරුවරයා සෞඛ්‍ය උපදෙස් කඩයි. පන්ති රැසක ළමයි අමාරුවේ

Published:

සෞඛ්‍ය උපදෙස් කැඩූ ගුරුවරයකු හේතුවෙන් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් අමාරුවේ වැටී තිබේ.

මෙම ගුරුවරයාගේ බිරිඳ කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු එම ගුරුවරයා ද පෙබරවාරි 01 වැනි දා පීසීආර් පරීක්ෂණයකට යොමුකර තිබිණි. එසේ පීසීආර් පරීක්ෂණයකට යොමුකිරීමෙන් පසු ප්‍රතිඵල වාර්තාව ලැබෙන තුරු නිරෝධායනයේ සිටිය යුතු වුව ද එම උපදෙස් නොතකා ඔහු අද (05) පාසලට පැමිණ ඇත.

මේ හේතුවෙන් එම ගුරුවරයා ඉගැන්වීම් කළ පන්ති කාමර 06ක් තාවකාලිකව වසා දමා එහි සිසුන් සියලු දෙනාමත්, ඔහු සමඟ ආශ්‍රිත වූ තවත් ගුරුවරු 11 දෙනකු හා විදුහලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකාවක් ද නිරෝධායනයට යොමුකර ඇත.

Related articles

spot_img
error: Content is protected !!