27 C
Galle

සාමාන්‍ය පෙළ විභාගයට ප්‍රායෝගික පරීක්ෂණ නෑ

Published:

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන්හි ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව පාසල් පාදක තක්සේරුකරණය යටතේ ලබා ගන්නා ලකුණු මගින් අවසන් ලකුණු තීරණය කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියයි.

“මේ පිළිබඳව පසුගිය වසර 5ක පාසල් පාදක තක්සේරු කළ ළකුණුත් සැබෑ ලෙසම පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණවල ලකුණුත් පිළිබඳව  විශ්ලේෂණයක් මගින් පරීක්ෂා කරලා බලපුවාම මේ ලකුණු වර්ග දෙක අතර ධනාත්ම සම්බන්ධතාවයක් පෙන්නුම් කළා,” යනුවෙන් ද විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!