27 C
Galle

මාතර 10 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Published:

මාතර දිස්ත්‍රික්කයේ 10 වැනි කොරෝනා මරණය ඊයේ (06) නාවිමන ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ නාවිමන පදිංචි 75 හැවිරිදි කාන්තාවකි. ඇගේ පුත්‍රයා එම ප්‍රදේශයේ පැවැති විවාහ උත්සවයකට සහභාගී වී පැමිණි පසු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි. මේ මව 05 දා නිවසේ දී මියගොස් ඇති අතර දේහය මාතර මහ‍ රෝහලට ගෙන ගොස් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් පසු කොරෝනා ආසාදිත මරණයක් බව හඳුනාගෙන තිබිණි.
එම විවාහ උත්සවය හේතුවෙන් මේ වනවිට කොරෝනා පොකුරක් නිර්මාණය වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි. නාවිමන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 34 දෙනකු හඳුනාගෙන තිබේ.

Related articles

spot_img
error: Content is protected !!