27 C
Galle

බද්දේගම මන්ත්‍රී අත්අඩංගුවට

Published:

විදුලි අධිකාරීවරයකුට පහර දී රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැකපිට බද්දේගම ප්‍රාදෙශීය සභා මන්ත්‍රීවරයකු ඊයේ (06) අත්අඩංගුවට ගත් බව වදුරඹ පොලිසිය පවසයි.

අදාල මන්ත්‍රීවරයාගේ නිවස අසළින් විදුලි රැහැන් ඇදීමේ දී ඔහු බාධා කර ඇති අතර එම අවස්ථාවේ දී ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයාට හා තවත් පුද්ගලයන් දෙදෙනකුට පහර දී ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත.

පහරකෑමට ලක් වූ පුද්ගලයන් දෙදෙනකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සැකකරු අද (07) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

spot_img
error: Content is protected !!