27 C
Galle

ගුවන් තොටේ කොරෝනා යන්ත්‍රය සවිකිරීම කඹ ඇදිල්ලක හිරවෙයි

Published:

විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් අතර කොරෝනා රෝගීන් සිටින්නේ දැයි පැය එකහමාරක් වැනි කෙටි කාලයකින් හඳුනාගත හැකි නවීන පීසීආර් පරීක්ෂණ යන්ත්‍රය ගුවන්තොටුපොළේ සවිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමැතිය මෙතෙක් ලැබී නැත.

අති නවීන තාක්ෂණයෙන් යුතු වැඩි කාර්යක්ෂමතාවක් සහිත මෙම පීසීආර් පරීක්ෂණ යන්ත්‍රය ලැබී ඇත්තේ මෙරටට පරිත්‍යාගයක් ලෙසිනි. එහි ඇති කාර්යක්ෂමතාවත් රෝගීන් කඩිනමින් හඳුනාගැනීමේ අවශ්‍යතාවත් මත එය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සවිකිරීමට තීරණය කර තිබේ.

යන්ත්‍රය ලැබී මේ වනවිට මාස දෙකක් ගත වී ඇතත් එය සවිකිරීමට අවශ්‍ය අනුමැතිය මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංය විසින් ලබා දී නැත.

රසායනාගාර විදයාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසන්නේ මෙය මෙරට ඇති වඩාත් පැය එකහමාරක් වැනි ඉතා කෙටි කාලයකින් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලබාගත හැකි එකම යන්ත්‍රය බවයි.

Related articles

spot_img
error: Content is protected !!