27 C
Galle

ගාල්ලේ සිරිධම්ම විදුහලේ පන්ති දෙකක් වැසේ

Published:

ගාල්ලේ ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පන්තිකාමර දෙකක සිසු සිසුවියන් සියලු දෙනා නිරෝධායනයට යොමු කරන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස නිරෝධායනය කරන ලෙස දැනුම් දී ඇත්තේ 5B ශ්‍රේණිය සහ 07E යන ශ්‍රේණි දෙකයි. එම පන්තිවල ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකු ආසාදනය වී තිබීම ‍හේතුවෙන් එම උපදෙස් ලබා දී ඇත. එම දරුවන්ට ඉගැන්වූ ගුරුවරු කිහිප දෙනකු ද මේ වනවිට නිරෝධායනයට යොමුකර තිබේ.

ආසාදිත වූ සිසුන් දෙදෙනා ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි කරුවෝය.

Related articles

spot_img
error: Content is protected !!