27 C
Galle

කරාපිටිය රෝහලෙන් තවත් කොරෝනා මරණයක්

Published:

කරාපිටිය ශික්ෂණ රෝහලේ 19 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සමාධි දන්දෙණියආරච්චි මහත්මිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ දංගෙදර කෝන්ගහ පාරේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු දින 05ක කාලයක් 19 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (07) මියගියේය. මියගිය පසු ලබාගත් පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදනය වූ පුද්ගලයකු බවයි.
දීර්ඝකාලයක් තිබූ හෘද රෝග සමඟ කොරෝනා ආසාදනය වීමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මරණය සිදුව ඇති බව වෛද්‍ය දන්දෙණියආරච්චි මහත්මිය තීරණය කළාය.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 21ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related articles

spot_img
error: Content is protected !!