27 C
Galle

අතුරුදන් තරුණයාගේ සිරුර තුන්වැනි දිනයේ දී හමුවේ

Published:

මඩොල්සිම පුංචි ලෝකාන්තයේ දී අතුරුදන් වූ දිනුර විජේසුන්දරගේ මළ සිරුරු අද (09) සොයාගත් බව යුද හමුදාව පවසයි.

ඔහු පසුගිය (06) වැනි දා මිතුරන් පිරිසක් සමඟ පුංචි ලෝකාන්තයට ගොස් එහි කඳවුරුගත රාත්‍රියක් ගතකරමින් සිටිය දී අධික ශීතල බව පවසා වාහනයට ගොස් නිදාගන්නා බව පවසමින් කූඩාරමෙන් පිටතට ගොස් තිබේ. ඉන් පසු ඔහු අතුරුදන්ව ඇත. ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පසුදා සිට පොලිසිය, හමුදාව ඇතුළු විශාල පිරිසක් ඔහු සොයා මෙහෙයුම් දියත් කළ අතර අද ඔහුගේ සිරුර ප්‍රපාතයේ තිබී හමුවී ඇත.

මියගිය දිනුර විජේසුන්දර සිරස මාධ්‍ය ජාලයේ පරිගණක ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණ ශිල්පියකු ලෙස සේවය කළේය.

Related articles

spot_img
error: Content is protected !!