27.6 C
Galle

රත්නපුරේ කතක් ඇල්පිටියේ දී කොරෝනා හැදී මරුට

Published:

රත්නපුරයේ සිට ඇල්පිටියට පැමිණ නතර වී සිටි කාන්තාවක් කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම කාන්තාව අංශභාගයෙන් පීඩා විදීම හේතුවෙන් කලකට ඉහත ඇල්පටියේ ඥාති නිවසකට පැමිණ එහි නතරවී ප්‍රතිකාර ගෙන ඇත. 62 හැවිරිදි වියේ පසු වූ ඇය නිවසේ දී මියගියාය.

ඉන් අනතුරුව දේහය ඇල්පිටිය රෝහලට යවා කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇත්තේ ඇය කොරෝනා ආසාදිත කාන්තාවක බවයි. ඇගේ දේහය ඇල්පිටිය පොදු සුසාන භූමියේ දී නිරෝධායන නීති අනුව ආදාහනය කළ බව ද සෞඛ්‍ය අංශ පවසයි.

මෙය ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්තා වන 24 වැනි ක‍ොරෝනා මරණයයි.

Related articles

spot_img
error: Content is protected !!