27.6 C
Galle

එන්නත් ගත්තත් උඩුගම රෝහල් කාර්යමණ්ඩලයේ පිරිසකට කොරෝනා

Published:

ගාල්ලේ උඩුගම රෝහලේ දී කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් එම රෝහලේ හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 10 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර ඔවන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත්ත ද ඇතැම්විට කොරෝනා ආසාදනය වීමට ඉඩ තිබෙන බවයි. දෙවැනි මාත්‍රාව ලබාගැනීමෙන් පසු වසරක කාලයක් කොරෝනා ආසාදනය නොවන බව පැවසේ

Related articles

spot_img
error: Content is protected !!