27.6 C
Galle

ගාල්ලේ විදුහල්පතිවරයකුට කොරෝනා. පාසල පැවැත්වීමේ හැකියාව සොයා බලයි

Published:

බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි පාසලේ විදුහල්පතිවරයා කොරෝනා ආසාදිතයකු බව තහවරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

අද (17) දහවල් ලැබුණු වාර්තාවකින් මේ බව තහවුරු වී ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දහවල් එම විදුහලට ගොස් විදුහල්පතිවරයාගේ ආශ්‍රිත ගුරුවරු සහ සිසු දරුවන් පිළිබඳ තොරතුරු සොයා බලන බව ද දැනගන්නට ඇත. ඔවුන් නිරෝධායනයට යොමුකරන බවත් ගුරුවරු වැඩි පිරිසක් නිරෝධායනයට යොමුකිරීමට සිදුවුවහොත් පාසල පවත්වාගෙන යාම පිළිබඳ තීරණයක් ගන්නා බව ද සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට පාසල විෂබීජහරණය කිරීමට ද තීරණය කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!