27.6 C
Galle

පෞද්ගලික රෝහල් සේවකයන්ට කොරෝනා එන්නත

Published:

ගාල්ල දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහල් සේවක සේවිකාවන් සඳහා ද කොරෝනා එන්නත් ලබාදීම මේ දිනවල සිදුකෙරිමින් පවතී.

එම රෝහල්වල රෝගීන් සමඟ සෘජුව සම්බන්ධතා පවත්වන කො‍රෝනා අවදානම සහිත කාර්ය මණ්ඩලයට එහි දී වැඩි ප්‍රමුඛතාව ලබාදෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ගාල්ල සමූපකාර රෝහලේ කාර්ය මණ්ඩලයට එන්නත් කිරීම ඊයේ (18) සිදුකෙරිණි.

සමූපකාර රෝහලේ සභාපති චාර්ල්ස් ගමගේ කියා සිටියේ සමූපකාර රෝහලේ කාර්යමණ්ඩලයේ 375 දෙනකු සඳහා එන්නත් ඉල්ලුම් කළ බවයි. මෙරටට ලැබී ඇති එන්නත් සීමා සහිත බැවින් ඉන් ප්‍රමුඛතාව අනුව තෝරාගත් 300ක පිරිසකට එන්නත් කිරීම සිදුකරන ලදී.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානවල නිලධාරීන්ට එන්නත් කිරීමේ දී එන්නත් ලබා දී ඇත්තේ එක් පොලිස් ස්ථානයකින් ඉතාමත් සුළු පිරිසකට බව ද දැනගන්නට ඇත. ඇතැම් පොලිස් ස්ථානවල එන්නත ලැබී ඇත්තේ 04 දෙනකුට හෝ 05 දෙනකුට පමණක් බව ද වාර්තා වේ   

(සාහිත ගම්මම්පිල)

Related articles

spot_img
error: Content is protected !!