28.4 C
Galle

විදුලිසැර වැදුණු අලියාගේ පහරින් ගොවියෙක් මරුට

Published:

සේරුනුවර පොලිස් වසමට අයත් සිරිමංගලපුර ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ වල්අලියෙකු පහරදීමකින් ගොවියෙකු මියගිය බව පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ සේරුනුවර සිරිමංගලපුර පදිංචි එල්.ඒ. සමන්ත ප්‍රේමලාල් (27) නැමැති අයයි.

ගොයම් කපා ඇති කුඹුර බැලීමට ගොස්  රාත්‍රියේ සිය නිවසට එමින් සිටියදි අලියා ඔහුගේ හිසට පහරදී මරා දමා තිබිනැයි පොලිසිය පැවසීය.

එම තැනැත්තාගේ කුඹුරට යාබද කුඹුරේ ගොයම් කෑමට පැමිණි අලියා එම කුඹුර වටා ඇද ඇති විදුලි වැටෙන් විදුලිසැර වැදීමත් සමග කෑගසා ඉදිරියට පැමිණ ඇතැයිද, එකෙණෙහිම එම ගොවියාට පහරදී ඇතැයිද ඇතිබව මූලික පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.

Related articles

spot_img
error: Content is protected !!