28.4 C
Galle

අලියාගේ ගැටුණු 05ක් රෝහලේ

Published:

තලාව, මොරගොඩ ආසන්නයේදි වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් වන අලියෙකුගේ ගැටීමෙන් එහි ගමන් ගත් මගීන් 5දෙනෙකු තුවාල ලබා අද(19) රෝහල්ගත කළ බව තලාව පොලිසිය කියයි.
 
පොල්පිතිගම සිට අනුරාධපුර අටමස්ථානය වන්දනා කිරීමට වන්දනාකරුවන්ද රැගෙන පැමිණ ඇති මෙම බස් රථය තලාව මොරගොඩ ආසන්නයේදි අලුයම මාර්ගය හරහා ගමන්ගත් වන අලියෙකුගේ ගැටී තිබේ.
 
එහිදි රියදුරා විසින් තිරිංග එකවර තද කිරීම හේතුවෙන් බස් රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයන් තිදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා තලාව රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
 
මෙම සිද්ධියෙන් බස් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදුවු බවද පොලිසිය පැවසීය.

Related articles

spot_img
error: Content is protected !!