28.9 C
Galle

“පාස්කු වාර්තාව අධ්‍යයනයට දැමූ කමිටුව පිළිගන්න බෑ” – අගරදගුරු

Published:

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව පිළිනොගන්නා බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පවසති.

අගරදගුරු ලේකම් කාර්යාලය දැනුම් දෙන්නේ මෙම මාර්තු මස 2 වැනිදා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර පැවැත්වීමට නියමිතව තිබූ හමුව කල් දමන බවයි.

මේ වනවිට ජනාධිපතිවරයාට ලබාදී ඇති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් තමන්ට ලබාදෙන තුරු පක්ෂ විපක්ෂ දේශපාලකයන් හමුවීම ප්‍රතික්ෂේප කරන බවද උන්වහන්සේ පවසා සිටිති. උන්වහන්සේ මේ බව දැනුම් දී ඇත්තේ රජයේ සහ විපක්ෂයේ ක​තෝලික මන්ත්‍රීවරු මාර්තු මස දෙවැනිදා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසීමට සිටින බවට දැනුම්දීමත් සමගය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේදී ජනතාව කළ නිහඬ විරෝධතාව පැවැති ස්ථානයට ගිය අගරදගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීමට සාමාන්‍ය පෙළවත් සමත් නැති කණ්ඩායමකට භාර දී ඇති බවයි. එවැනි මිනිසුන්ට කොමිසමේ උගත් කොමසාරිස්වරු දුන් විනිශ්චය තීරණය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් පැවැසීය.

Related articles

spot_img
error: Content is protected !!