28.9 C
Galle

ගාල්ලේ පිළිස්සී මියගිය කාන්තාවට කොරෝනා

Published:

පිළිස්සුම් තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කාන්තාවක් කොරෝනා ආසාදිත බව අද (22) තහවරු වී ඇතැයි විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ලේ හපුගල බෙරලියදොළවත්ත ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවකි. ඇය කළක සිට ආබාධිතව නිවසේම සිටි බව අනාවරණය වී තිබේ.

පෝද්දල පොලිසිය පවසන්නේ මෙම කාන්තාව ඊයේ (21) දහවල් සිය නිවසේ දී ගින්නකට හසු වී ඇති බවයි. ඇගේ පුතකු පෝද්දල පොලිසියට පවසා ඇත්තේ රෝද පුටුවක සිටි තම මව සිටින කාමරයෙන් දුමක් පිටවනු දැක එය බැලීමට යාමේ දී රෝද පුටුවේ ම ගිනි ඇවිලී සිටි බවයි. කඩිනමි කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගිය ඇය හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මියගියාය.

Related articles

spot_img
error: Content is protected !!