28.9 C
Galle

හොර දොස්තර නෝනා අත්අඩංගුවට ගනී

Published:

සුදුසුකම් ලත් වෛද්‍යවරියක යැයි ව්‍යාජ ලෙස පෙනී සිටිමින් බෙහෙත් ශාලාවක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඊයේ (22) සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි.

මහනුවර රෝහලේ ම සේවය කරන වෛද්‍යවරියක විසින් ‍පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබිණි. වෛද්‍යවරිය පොලිසියට පැමිණිලි කර තිබුණේ තමන්ගේ නමින් පෙනී සිටිමින් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි සහතිකයක් ද සකස්කරගත් තැනැත්තියක් බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!