28.9 C
Galle

කොළඹ ජ්‍යේෂ්ඨයන් සැමට කොරෝනා එන්නත දීමේ සැළැස්මක්

Published:

කොළඹ නගර සභා සීමාවේ පදිංචි වයස අවුරුදු 60 ඉක්මවූ සියලුම ජ්‍යේෂ්ඨ පුරවැසියන්ට පෙබරවාරි 27 වැනි දා සිට දින 14ක් ඇතුළත කොරෝනා එන්නත ලබාදීමට සැළසුම් කර ඇතැයි කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක පවසයි.

මේ සඳහා කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව ජ්‍යේෂ්ඨ පුරවැසියන් සියලු දෙනා තම කොට්ටාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මගින් ඒ සඳහා ලියාපදිංචිවන ලෙස දැනුම් දෙන බවත් අවශ්‍ය සහයෝගය නාගරික මන්ත්‍රීවරුන්ගෙන් ලබාගත හැකි බවත් නගරාධපතිනිය පවසයි.  

Related articles

spot_img
error: Content is protected !!