27.3 C
Galle

ගාල්ල, මාතර කොරෝනා ආසාදිතයන් යළි වැඩි වෙයි

Published:

ගාල්ල මාතර දිස්ත්‍රික්ක දෙකෙහි කොරෝනා ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

සතියක පමණ කාලයක සිට දකුණු පළාතේ දෛනික රෝගීන් වාර්තාවීම පසුගිය මාසවලට සාපේක්ෂව අඩු අගයක් ගෙන තිබිණි. නමුත් ඊයේ (03) දිනයේ දී ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 38 දෙනකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 24 දෙනකු ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 03 දෙනකු ද වාර්තා විය. ඒ අනුව ඊයේ දිනයේ දකුණු පළාතෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 65ක් විය. සතියක පමණ කාලයක් දකුණු පළාතේ දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 50කට අඩු අගයක් ගෙන තිබිණි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 38 දෙනා හමුවී ඇත්තේ අක්මීමණ 01, බෝපේ පෝද්දල 06, ඇල්පිටිය 02, ගාල්ල මහ නගර සභාව 12, ගෝනාපීනුවල 01, හබරාදුව 04, හික්කඩුව 07, කරන්දෙණිය 01, නාගොඩ 03, යක්කලමුල්ල 01 වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 10කිනි.

මාතර දිස්ත්‍රික්කයෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයන් 24 දෙනා අකුරැස්ස 01, අතුරළිය 03, දෙවිනුවර 01, හක්මන 03, කඹුරුපිටිය 01, මාලිම්බඩ 07, කැකුණදුර 04, තිහගොඩ 02, වැලිගම 01, වැලිපිටිය 01 වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 10 කිනි.

හම්බන්ත‍ොට දිස්ත්‍රික්කයේ  බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයන් 02කු හා තිස්සමහාරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් ආසාදිතකු වාර්තා වී තිබේ.

ඊයේ දින‍ය ද ඇතුළුව පසුගිය දින 09ක කාලයේ දී දකුණු පළාතේ ඒ ඒ දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වූ ආකාරය අනුව ඊයේ රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව පැහැදිලි වෙයි. එම වගුව පහතින් දක්වා ඇත.

Related articles

spot_img
error: Content is protected !!