27.3 C
Galle

ශ්‍රී ලංකා කොදෙව් විස්සයි-20 තරඟයේ විශේෂ අවස්ථා

Published:

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැති පළමු විස්සයි – 20 තරඟයෙන් කඩුළු 4ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 09ක් දැවී රැස්කළේ ලකුණු 131ක් පමණි. සිය පළමු ජාත්‍යන්තර විස්සයි – 20 තරඟයට ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක පන්දු 34කින් ලකුණු 39ක් රැස්කිරීමට සමත්වූයේය. ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල ද ලකුණු 33ක් රැස් කළේය.

මෙම ඉලක්කය හඹා ගිය කොදෙව්වෝ පන්දු ඕවර 13.1 ක දී කඩුළු 06ක් පමණක් දැවී ලකුණු 132ක් ලබාගනිමින් ජය ලැබූහ. තරඟ තහනමකින් පසු ඊයේ තරඟයේ දී පිටියට පිවිසි අකිල ධනංජය කඩුළු ත්‍රිත්වයක් ලබාගැනීමට සමත්විය. කොදෙව් ආරම්භක පිතිකරු එවින් ලෙවිස්, ක්‍රිස් ගේල් සහ නිකලස් පුරාන් ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේය. එසේ වුව ද අකිලගේ ඊළඟ පන්දුවාරයේ දී කොදෙව් නායක කිරන් පොලාර්ඩ් පන්දු 06ට ම හයේ පහර එල්ල කිරීමට සමත් වූයේ එම දස්කම සිදුකළ ලොව තුන්වැනි පිතිකරුවා බවට පත්වෙමිනි.

Related articles

spot_img
error: Content is protected !!