27.3 C
Galle

facebook පේජ් නංවන්න කලා කරුවෙක් මරා දාලා ?

Published:

දෘෂ්‍ය කලා හා රංග කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු සහ ප්‍රවීන රංග ශිල්පියකු වූ ප්‍රසන්නජිත් අබේසූරිය මියගිය බව කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (04) facebook පිටු කිහිපයක පළ කර තිබිණි.

ප්‍රසන්නජිත් අබේසූරිය පවසන්නේ තමන් තවමත් ජීවත්ව සිටින බවයි. කෙසේ වෙතත් එම අසත්‍ය පළකිරීම සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වූ අතර බොහෝ දෙනකු ප්‍රසන්නජිත්ට සමු දෙමින් නිවන් සුව ප්‍රාර්ථනා කර තිබිණි.

ප්‍රසන්නජිත් පවසන්නේ ඇතැම් පුද්ගලයන් තම ‍facebook පිටු ජනප්‍රිය කරගැනීම සඳහා මෙවැනි අසත්‍ය පුවත් පළකරන බවයි. කෙසේ වෙතත් ජීවතුන් අතර සිටින තමන් මියගියා යැයි අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයා හේතුවෙන් බොහෝ දෙනකු තමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කළ බවත් නිවන් ලැබීමට තවත් බොහෝ දේ කළ යුතු බවත් හෙතෙම කීවේය.

Related articles

spot_img
error: Content is protected !!