27.3 C
Galle

දසුන් හෙට ප්‍රංශය හරහා කොදෙව් දූපත් යයි

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විස්සයි – 20 නායක දසුන් ශානක හෙට (07) රාත්‍රියේ ප්‍රංශය හරහා ඇන්ටිගුවා දක්වා පිටත්ව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි.

කණ්ඩායමේ නායකයා වුව ද වීසා ප්‍රශ්නයක් හේතුවෙන් ඔහුට විස්සයි – 20 තරඟාවලියම අහිමිවිය. දසුන්ට බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරඟාවලියට සහභාගීවීමට හැකියාව ඇතත් ඇන්ටිගුවාහි නීතිරීති අනුව දින 03ක් අනිවාර්ය නිරෝධායනයේ සිටිය යුතු බැවින් ඔහුට පළමු තරඟය අහමි වෙයි. දෙවැනි එක්දින තරඟය 12 වැනිදා පැවැත්වීමට නියිතය.

ඔහුගේ ඇමෙරිකානු වීසා සහිත ගුවන් ගමන් බලපත්‍රය අස්ථානගත වී තිබීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කොදෙව් දූපත්බලා පිටත්ව යාමට නොහැකි විය.

Related articles

spot_img
error: Content is protected !!