28.3 C
Galle

ඇල්ල රක්ෂිතයේ ගින්නක් (වීඩියෝ)

Published:

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල රක්සිතයේ ඊයේ (05) රාත්‍රී හටගත් ගින්න අද (06) දිනය දක්වාම පැතිර යමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි.

රාවණා ඇල්ලට ඉහළින් මෙම ගින්න හටගෙන ඇති අතර මේ වනවිට අක්කර 50-100ත් අතර ප්‍රමාණයක් විනාශ වී ඇතැයි ද වනජීවී ‍නිලධාරීන් පවසයි. පොලිසිය, යුද හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගින්න මැඩපැවැත්වීම සදහා ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. මීට අමතරව ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යෙදවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පවසයි.

https://web.facebook.com/NewsfirstSL/videos/1377582275926743/

Related articles

spot_img
error: Content is protected !!