27.7 C
Galle

ඩයලොග් ආසියාටා සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි

Published:

අද (28) දින කොළඹ කොටස් වෙළඳපල ගනුදෙනු අවසානයේ කොටස් මිලියන 20 ක කොටස් ගනුදෙනු වූ ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 849ක දිනයේ වැඩිම පිරිවැටුම වාර්තා කරන ලදී.

අද කොටස් වෙළඳපල ගනුදෙනු 15,566ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2173ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 277ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 19,970ක් ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම මිලියන 849
  • මෙල්ස්ටා ක්‍රොප් සමාගම මිලියන 239
  • සී අයි සී සමාගම මිලියන 127

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 20.2
  • සී අයි සී සමාගම කොටස් මිලියන 05
  • පෑන් ඒෂියන් පවර් කොටස් මිලියන 7.2

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ස්ටෑන්ඩඩ් කැපිටල් සමාගම 17%
  • සොෆ්ට් ලොජික් සමාගම 08%
  • ලාෆ්ස් ගෑස් සමාගම 08%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ඩයලොග් ආසියාටා සමස්ත වත්කම් රුපියල් බිලියන 400
  • ලංකා දුම්කොල සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 333
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 327

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන‍ 33 කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 928ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 895ක මුදලක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත්කරගෙන ඇත.

  • සී අයි සී සමාගම රුපියල් මිලියන 12
  • එල් බී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 05
  • සිංහ හොස්පිට්ල් සමාගම රුපියල් මිලියන 05

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 831
  • පික්මී සමාගම රුපියල් මිලියන 62
  • ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 11

විශ්ලේෂණය – නීතිඥ රජීන්ද්‍ර නාරංගොඩ

Related articles

spot_img
error: Content is protected !!