27.3 C
Galle

බස්නාහිර පාසල් ආරම්භය තවත් ප්‍රමාද වෙයි ?

Published:

ශ්‍රී ලංකාවේ සියලුම පාසල්වල දෙවැනි පාසල් වාරය ආරම්භ කිරීම මාර්තු 15 වැනි දිනට යොදාගෙන තිබුණ ද දැනට පවතින කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර පලාතේ පාසල් එදිනට විවෘත කිරීම ගැටලුවක් වී තිබේ

පාසල් විවෘතකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡා කිහිපයක් පැවතිය ද මාර්තු 15 බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය මෙතෙක් ලැබී නැත.

මේ අනුව අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගයත් මේ අනුව කල් දැමීමට සිදුවනු ඇතැයි වාර්තා වෙයි. මේ දක්වාම එම විභාගවලට මුහුණ දෙන සිසුන්ගේ විෂය මාලා සම්පූර්ණ වී නොමැත.

ශ්‍රී ලංකාවේ පාසල් 10,165ක් ඇති අතර බස්නාහිර පළාතේ ඇති පාසල් ගණන 1,356කි.  එයින් පාසල් 74ක් ජාතික පාසල් වෙයි. පළාත් සභා පාසල් ගණන 1,282කි. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 401ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් 536ක් හා කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 419ක් ඇති අතර මේවායේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව 932,431කි. ගුරුභවතුන් 45,832ක් එම පාසල්වල සේවය කරති.

Related articles

spot_img
error: Content is protected !!