27.3 C
Galle

දේශපාලන බලය යොදා වැලි බලපත්‍ර 765ක් ඉල්ලලා

Published:

‍දේශපාලනඥයන්ගේ ඥාතීන් ඇතුළු හිතවතුන් 765 දෙනකු වැලි කැණීමේ බලපත්‍ර සඳහා අයදුම්පත්‍ර යොමුකර ඇතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.

කිසිම දේශපාලනඥයකුගේ ඉල්ලීමකට වැලි කැණීම් බලපත්‍ර නිකුත් නොකරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් දී ඇතත් විවිධ මාර්ගවලින් මෙම අයදුම්පත්‍ර ඉදිරිපත් වී ඇත. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ප්‍රකාශකයකු කියා සිටියේ මෙම බලපත්‍ර ලබාගැනීම සඳහා දේශපාලනඥයන්ගෙන් බලපෑම් එල්ලවෙමින් තිබෙන බවයි.

ඉදිරි වර්ෂ 04ක කාලය සඳහා ඉදිකිරීම් වෙනුවෙන් වැලි ඝන මීටර් මිලියන 55ක් අවශ්‍යයැයි ඇස්තමේන්තු කර ඇතත් ලබාගැනීමට හැකියාව ඇත්තේ වැලි ඝන මීටර මිලියන 41ක් පමණක් බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ ගණනයකිරීම් අනුව හෙළි වේ.

අවිධිමත් ලෙස වැලි කැණීම් හේතුවෙන් දැඩි පරිසර  හානියක් රටපුරා සියලුම ගංඟා නිම්නවල සිදුව ඇත.

Related articles

spot_img
error: Content is protected !!