27.3 C
Galle

වැල්ලවත්ත අනතුරින් තවත් අයෙක් මරුට

Published:

වැල්ලවත්ත මුහුදු මාවතේ දී අද (06) අළුයම බීමත් පුද්ගලයකු විසින් කරන ලද අනතුරින් තුවාල ලබා කොළඹ දැඩි සත්කාර ඒකකයේ සිටි අයකු අද සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මේ අනුව එම අනතුරින් මියගිය සංඛ්‍යාව දෙදෙනෙකි. මියගොස් ඇත්තේ 57 හැවිරිදි පුද්ගලයකු හා 77 හැවිරිදි පුද්ගලයෙකි.

රාත්‍රී සමාජ ශාලාවකට ගොස් මත්පැන් පානය කර පැමිණෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු රැගත් මෝටර් රථයක් පාපැදියක හා පාගමනින් යමින් සිටි මියගිය පුද්ගලයන් දෙදෙනාගේ හා තවත් පුද්ගලයෙකුගේ  ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබිණි.

එම අනතුරින් බරපතල තුවාල ලද තවත් පුද්ගලයෙක් කළුබෝවිල ශික්ෂණ  රෝහලේ ප්‍රතිකාර ලබන බවත් පොලිසිය කියයි.

Related articles

spot_img
error: Content is protected !!