27.3 C
Galle

ජනාධිපතිගේ අනුමැතියකින් තොරව ගැසට් ගහන්න බෑ

Published:

තමන්ගේ අනු දැනුමකින් තො‍රව මින් ඉදිරියට කිසිදු ගැසට් පත්‍රයක් නිකුත් නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු ඇමැතිවරුන්ට උපදෙස් දී තිබේ.

ඇතැම් අමාත්‍යාංශ ගැසට් පත්‍ර නිකුත් කිරීමේ දී අවශ්‍ය පරමාර්ථ ඉටු නොවන තත්ත්වයක් පැවතීම හේතුවෙන් මෙම උපදෙස් ලබාදී ඇතැයි මහින්ද අමරවීර අමාත්‍යවරයාගෙන් කළ විමසීමක දී කියා ඇත. ගැසට් පත්‍රයක් මගින් යමක් ස්ථාවරව ක්‍රියාත්මක කළ යුතු වුවත් පසුගිය කාලය තුළ ඇතැම් ගැසට් පත්‍ර නිකුත් කිරීමෙන් එහි අඩංගු කරුණු ස්ථාවරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මින් ඉදිරියට ගැසට් පත්‍ර නිකුත් කිරීමට පෙර ජනාධිපති අගමැති හා කැබිනට් මණ්ඩලය දැනුම්වත් විය යුතුව ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ ක‍ර තිබේ

(මූලාශ්‍රය – ඉරිදා ලංකාදීප)

Related articles

spot_img
error: Content is protected !!