27.3 C
Galle

වන අලියෙක් කඩවීදියට කඩාවදී. මිනිස්සු හිස් ලූ ලූ අත පලා යති (වීඩියෝ)

Published:

මහියංගණය පරගම්මන ජනාකීර්ණ ප්‍රදේශයකට හදිසියේ ම වන අලියකු පැමිණීම හේතුවෙන් ජනතාව අතර දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ. මේ අලියාගේ පැමිණීම එම ප්‍රදේශයේ කඩ වීදියේ ඇති සීසීටීවී කැමරාවල ද සටහන් වී තිබේ.

වන අලියා පැමිණ කඩ අතරින් ඇවිදයන ආකාරයත් පාරෙන් ඉවතට ගොස් කඩ අතරින් ඇතුළට ගමන් කර යළි එළියට එන ආකාරයත් එහි පැහැදිලිව දර්ශනය වෙයි. මෙම අලියාගේ පැමිණීමත් සමඟ අලියා පසුපස යන පිරිසක් අලියා යළි හැරී ඒමත් සමඟම ආරක්ෂාව පතා හිස් ලූ ලූ අත දිවයන ආකාරයත් එහි පැහැදිලිව දැකිය හැකිය.

Related articles

spot_img
error: Content is protected !!