27.3 C
Galle

පිළිකා වාට්ටුවෙන් තුන්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Published:

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටුවේ කොරෝනා ආසාදිත රෝගීන් වාර්තාවීමෙන් පසු තවත් රෝගියකු ඊයේ (07) රාත්‍රී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ පස්සර පදිංචි 62 හැවිරිදි අයෙකි.

මේ අනුව බදුල්ල මහ රෝහලේ පිළිකා ඒකකයේ සිටි රෝගීන් අතරින් කොරෝනා ආසාදනය වී මියගිය සංඛ්‍යාව 03 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ. මීට පෙර සිදුවූ මරණ දෙක වාර්තා වී ඇත්තේ පසුගිය 05 වැනි දා සහ ඊයේ (07) උදෑසන බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම පිළිකා වාට්ටුවෙන් පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන් 34 දෙනකු හඳුනා ගැණිනි.

Related articles

spot_img
error: Content is protected !!