29.4 C
Galle

ජාතික ලේඛනාගාරයේ නීති තැන්පතු අංශයත් හොරු කඩයි

Published:

ජාතික ලේඛනාරක්ෂක දෙ‍පාර්තමේන්තුවේ නීතිමය තැන්පතු අංශය සොරු බිඳ ඇතැයි එම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක් විසින් පැමිණිල්ලක් කර ඇතැයි එම දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිහිටි කුරුඳූවත්ත පොලිසිය පවසයි.

එම පැමිණිල්ලේ දැක්වෙන්නේ මෙරට ප්‍රකාශිත සියලුම ග්‍රන්ථ පිටපතක් හා පුවත්පත්වල පිටපත් දෙකක් බැගින් මෙම නීතිමය තැන්පතුවේ තිබූ බවයි.  

කෙසේ වෙතත් එම දෙපාර්ත‍මේන්තුවේ පසුගිය සමයේ සිදුවී ඇතැයි කියන දූෂණ වංචා රැසක් පිළිබදව සොයා  බලා වාර්තාවක් ලබාදීම සඳහා සංස්කෘතික අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පසුගිය දා පරික්ෂණ කමිටුවක් පත් කර ඇති අතර එහි වාර්තාව ද මේ මස 15 වැනිදා බාර දීමට නියමිතය. ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙහි බොහෝ කාමරවල ජනෙල් හා දොරවල් ගලවා තිබීම ද ආනාරක්ෂිත බව එම දෙපාර්තමේන්තුවේ ම සේවක සේවිකාවෝ පවසති.

Related articles

spot_img
error: Content is protected !!