29.4 C
Galle

උතුරුමැදට හා උතුරේ ප්‍රදේශ කිහිපයකට විදුලිය නෑ

Published:

උතුරුමැද පළාතට හා උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම ඇණහිට ඇතැයි විදුලිබල අමාත්‍යාංශය පවසයි.

අනුරාධපුර නව ග්‍රිඩ් උපපොළේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අද (08) රාත්‍රී 7.00 සිට විදුලිය විසන්ධි වී ඇත. මේ හේතුවෙන් අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්ක දෙකටම විදුලි සැපයුම නොමැති අතර වාලච්චේන, හබරණ, පොළොන්නරු සහ වව්නියාව විදුලි උපපොළවල්වලින් විදුලිය‍ බෙදාහරින ප්‍රදේශවල ද මේ වනවිට විදුලිය විසන්ධි වී තිබේ.

විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසන්නේ හැකි ඉක්මණින් විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

Related articles

spot_img
error: Content is protected !!