29.4 C
Galle

සිසුවකුට පහරදී තුවාල කළ බවට සැක සිසුන් රිමාන්ඩ්

Published:

මහින්ද විද්‍යාලයේ සිසුවකුට සාමාන්‍ය පෙළ විභාග ශාලා පරිශ්‍රයේ දී පහර දී කර්ණ පටහ පටලයට හානි සිදුකළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනකු ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ අද (13) නියෝග කළේය.
පොලිසිය පවසන්නේ සිසුවාට පහරදීම සම්බන්ධ සිද්ධියට සැකපිට තවත් සිසුවකු අත්අඩංගුවට ගැනීමට ඇතත් ඔහු තම නිවසින් පළාගොස් ඇති බවයි. එම සිසුවා අනුරාධපුර ප්‍රදේශයට ගොස් ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කළේය.

Related articles

spot_img
error: Content is protected !!