29.4 C
Galle

මොරවක නගරයේ කොරෝනා පොකුරක්

Published:

මොරවක නගරයෙන් කොරෝනා ආසාදිතයන් 39ක් අද (13) දිනයේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මොරවක නගරයේ ව්‍යාපාරික ස්ථාන සහ නගරයේ පදිංචිකරුවන් අතර අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණ 352කිනි.

ගම සමඟ පිළිසඳර වැඩටහන සඳහා ජනාධිපති ගෝටාභය රජපක්ෂ දෑරංගල ප්‍රදේශයට පැමිණීමට නියමිත බැවින් අකුරැස්ස, මොරවක හා පිටබැද්දර ප්‍රදේශවල පීසීආර් පරීක්ෂණ 1000කට වැඩි ප්‍රමාණයක් කරන ලෙස ලැබුණු උපදෙස් අනුව මෙම පරීක්ෂණ සිදුකළ බව ද සෞඛ්‍ය අංශ පවසයි.  

Related articles

spot_img
error: Content is protected !!